වැලිසර නාවික කදවුරේ නව ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
 


වැලිසර නාවික කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (18) විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.