වැදගත් සිදුවීම්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 18 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විය.

19 Dec 2015

වැලිසර නාවික කදවුරේ නව ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ අළුතින් ඉදිකරන ලද ගොල්ෆ් ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (18) විවෘත කෙරිණි.

19 Dec 2015

ධීවර බෝට්ටුවක් තුල සගවා තිබූ රත්‍රං කිලෝ 5 ක් නාවික හමුදාව විසින් සොයාගනී
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) තලෙයිමන්නාරම ඌරුමලෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීතිවිරෝධී ලෙස ධීවර බෝට්ටුවක් තුල සගවා ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පුද්ගලයෙකුද සමග අත්අඩංගුවට ගන්නා ලදී.

19 Dec 2015