ඩෙල්ෆ්ට් දූපත්වාසීන් සඳහා නාවික හමුදාව නත්තල් උත්සවයක් සංවිධානය කරයි
 

2015 දෙසැම්බර් මස 21 වන දින ඩෙල්ෆ්ට් දූපත්වාසීන් වෙනුවෙන් නාවික හමුදාව නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී. ඩග්ලස් දේවානන්ද සංස්කෘතික ශාලාවේ පැවති එම උත්සවය සඳහා උතුරු නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මෙරිල් සුදර්ශන මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා‍ වසභ ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක්ද ප්‍රදේශයේ ක්‍රිස්තියානි බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම පොලීසියේ සහ රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

ක්‍රිස්තියානි පූජකතුමන් විසින් පවත්වන ලද ආගමික දේශනයකින් සහ දරුදැරියන් විසින් ඉදිරිපත් කරන ලද නත්තල් ගී ගායනා වලින් උත්සවය ආරම්භ කෙරුනු අතර, නත්තල් සහ සාමයේ පණිවුඩය විදහා දැක්වෙමින් අලංකෘත ආගමික නාට්‍යයන්ද එහිදී රඟ දැක්විණි. නත්තලේ සතුට සියළුදෙනා සමඟ බෙදාහදා ගැනීමේ සහ ආගමික සහජීවනය ශක්තිමත් කරලීමේ අරමුණින් සංවිධානය කෙරුනු එම නත්තල් උත්සවය සඳහා සහභාගී වූ සියළු දෙනා හට නත්තල් සීයා විසින් සුභ නත්තල් ප්‍රාර්ථනා කරමින් ත්‍යාගද පිරිනමන ලදී.