ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ ලයිලා දැලක් ඊයේ (28) දහවල් කුදිරමලෙයි තුඩුව සහ පූක්කුලම් අතර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, බත්තලංගුණ්ඩුව නාවික අණුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් එම මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් තිදෙනෙකු සමග තංගුස් දැලක්, ඔක්සිජන් සිලින්ඩර් 8ක්, කිමිදුම් වරල් යුගල් 2ක්, කිමිදුම් මුහුණු ආවරණ 2ක් සහ කිමිදුම් වා උපකරණ 2ක් ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම ධීවරයින් පිරිස සහ උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.