වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

අනලතිව් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගන්නා ලදී.

31 Jan 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

30 Jan 2016

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

30 Jan 2016

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව කොළඹ වරායට පැමිණේ
 

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව අද (29) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

29 Jan 2016

තෙල් කාන්දුවීම් සිද්ධීන් කළමනාකරණය කිරීමේ අභ්‍යාසය
 

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා කාර්යංශයේ සහාය ඇතිව ජපාන වෙරළාරක්ෂක බළකායේ මගපෙන්වීම යටතේ තෙල් කාන්දුවීම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධ අභ්‍යාසයක් අද (29) දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.

29 Jan 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 27 වන දින නොරෙච්චෝලේ සහ උඩප්පුව යන මුහුදු ප්‍රදේශන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 6 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

29 Jan 2016

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

28 Jan 2016

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

28 Jan 2016

හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා හෘද රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සහ සාගර ප්‍රදේශයේ සාගරික මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව කුවේට් සිට සංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබූ වීනස් ආර් නෞකාවේදී හෘදයාබාධයකට ලක්වූ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට සමත්විය.

28 Jan 2016

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

27 Jan 2016