ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එම අවස්ථාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ජේසන් සියර්ස් මහතා ද එක් විය.

එහිදී මහකොමසාරිස්වරිය ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.