නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය සිවිල් ක්‍රීඩකයින් සඳහා විවෘත කෙරේ
 

පසුගිය 18 වන දින නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ජනවාරි මස 01 වන දින සිට සිවිල් ක්‍රීඩකයින් හටද ක්‍රීඩා කළ හැකිවන පරිදි පහසුකම් සලසා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එහි සමාරම්භක සැසිවාරය සිවිල් ගොල්ෆ් ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 30 වන දින පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පළමු ජලාශ්‍රිත ගොල්ෆ් ක්‍රීඩා පිටිය වන මෙම ක්‍රීඩා පිටිය නාවික හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ස්ථාපිත කෙරුණු අතර, කොළඹ ප්‍රදේශයේ පවතින සීමිත ඉඩපහසුකම් සැලකිල්ලට ගනිමින් එය වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි වැව ආශ්‍රිතව ඉදි කෙරුණි. සියළු පහසුකම්වලින් සමන්විත මෙම ක්‍රීඩාංගණය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවීම සඳහා මහත් පිටුවහලක් වනු ඇත.