65 වන නාවික දින සැමරුමේ අවසන් ආගමික වැඩසටහන කැලණිය රජමහා විහාරයේදී
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන අද (7) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණයක් වශයෙන් පැවැත්විණි. එම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යමුනා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ බටහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් පිරිසක්ද සහභාගී විය.

එහිදී නාවික හමුදාධිපතිතුමා ඇතුළු පිරිස කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, සටනේදී දිවිපිදූ නාවික රණවිරුවන්හට පින් අනුමෝදන් කිරීමද, මාතෘ භූමියට සහ නාවික හමුදාවට සෙත් පැතීමද සිදු කරන ලදී.