නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක යාත්‍රාවක් විසින් ගාල්ල මැදගල මුහුදු ප්‍රදේශයේ ඩයනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග කුඩා ඔරුවක් ජනවාරි මස 12 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔරුව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගාල්ල ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.