151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

කලාපීය රටවල ජ්‍යෙෂ්ඨ නාවික ප්‍රධානීන්ගේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් සමග සෘජු සාකච්ඡා තුලින් සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අභිලාශයෙන් කොමදෝරු ඉල්යාස් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමද් රජීල් ඉර්ෂාඩ් ඛාන් මහතාද එම අවස්ථාවට සහභාගී විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.