12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි. ටෙනිස් (1), මලල ක්‍රීඩා (9), පාපන්දු (8), පාපැදි (2), කබඩි (6), දුනු විදීම (1), තුන් ප්‍රයාම (2), පිහිනුම් (3), අත් පන්දු (11), ටයිකොන්ඩෝ (2), වූෂු (7), ජූඩෝ (2), මල්ලවපොර (5), වෙඩි තැබීම (10), බොක්සිං (1), බර ඉසිලීම (4), වොලිබෝල් (5), හොකී (9) පැසිපන්දු (3) සහ කෝ කෝ (2) යන ක්‍රීඩාවන් සඳහා ඔවුන් තරඟ වැදීමට නියමිතය.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ජාතීන් රැසක් නියෝජනය කරමින් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 8ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,672ක් සහභාගී වේ. පෙබරවාරි 05 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා තරග 23ක් යටතේ ඉසව් 228ක් ඇතුළත්ව ඇත.