නාවික හමුදාධිපති අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් හමුවෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඒ සඳහා සහභාගී වූ විදෙස් නාවික හමුදාවන් හි ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සුහද සාකච්ජාවන් පැවැත්විය. ද්විපාර්ශ්වීය සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින් පැවති මෙම සාකච්ජාවන් හිදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්කේ දෝවන් මහතා, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ප්‍රධානී අද්මිරාල් සොමොහිසා ටකෙයි මහතා, ජර්මන් නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් ඇන්ඩ්‍රියස් ක්‍රෑස් මහතා, රාජකීය කැනේඩියානු නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මාර්ක් නෝමන් මහතා සහ රාජකීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් බෙන් කී මහතා සමග අදහස් හුවමාරු කර ගැනීමට නාවික හමුදාධිපතිතුමන්ට හැකිවිණි.

මෙම නෞකා පිරික්සුම් අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්කේ දෝවන් මහතාගේ ආරාධනය පරිදි ඇමරිකාව, චීනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, කැනඩාව, රුසියාව, දකුණු අප්‍රිකාව, ජපානය, දකුණු කොරියාව, පේරු, චිලී, කොලොම්බියා, බ්‍රසීලය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් නාවික ප්‍රධානීන් 24 දෙනෙකු සහභාගී විය.

 
 
අද්මිරාල් ආර්කේ දෝවන්
ඉන්දීය නාවික හමුදාව
අද්මිරාල් ආර්කේ දෝවන්
ඉන්දීය නාවික හමුදාව
අද්මිරාල් ආර්කේ දෝවන්
ඉන්දීය නාවික හමුදාව
අද්මිරාල් සොමොහිසා ටකෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය
අද්මිරාල් සොමොහිසා ටකෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය
වයිස් අද්මිරාල් ඇන්ඩ්‍රියස් ක්‍රෑස්
ජර්මානු නාවික හමුදාව
වයිස් අද්මිරාල් ඇන්ඩ්‍රියස් ක්‍රෑස්
ජර්මානු නාවික හමුදාව
වයිස් අද්මිරාල් මාර්ක් නෝමන්
රාජකීය කැනේඩියානු නාවික හමුදාව
වයිස් අද්මිරාල් මාර්ක් නෝමන්
රාජකීය කැනේඩියානු නාවික හමුදාව
වයිස් අද්මිරාල් බෙන් කී
රාජකීය නාවික හමුදාව