වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වූ ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් හමුවෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පරීක්ෂණයට සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඒ සඳහා සහභාගී වූ විදෙස් නාවික හමුදාවන් හි ඉහළ පෙළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සුහද සාකච්ජාවන් පැවැත්විය.

07 Feb 2016

2016 ඉන්දීය නෞකා පිරික්සුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව එක්වෙයි
 

ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික පුද්ගලයින් 275 දෙනෙකු සහභාගී වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව එක්ව සිටියි.

07 Feb 2016