නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, “විජය” නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 6 වන දින උඩප්පුව සහ මාන්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් G.P.S යන්ත්‍රයක්, මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තුවක්කුවක් සහ කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 2 ක් සමග හක් බෙල්ලන් 94 ක් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.