උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ සංවිධානය කළ සෞඛ්‍ය සායනය සාර්ථකයි
 

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ලෙස උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් කරෙයිනගර් හින්දු විද්‍යාලයේදී පෙබරවාරි මස 6 වන දින පැවැත්විණි. මෙම සෞඛ්‍ය සායනය උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත සිදු කෙරිණි.

උතුරු නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මගින් පැවැත්වුණු මෙම ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා කරෙයිනගර් මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීගේ සහ පලෙයිතිව් වෛද්‍ය නිලධාරීගේ සහයෝගය මෙන්ම රාජ්‍ය ‍‍ඖෂධ නීතිගත සංස්ථාවේ අනුග්‍රහය ද ලැබිණි. වෛද්‍ය සායනයක් හා දන්ත වෛද්‍ය සායනයක් වශයෙන් පැවති මෙම ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයේ දී ප්‍රදේශයේ විශාල පිරිසකට ප්‍රථිකාර ලබා ගැනීමේ අවස්ථාව හිමි විය. පසුගිය නොවැම්බර් මස 7 වන දින මෙම ස්ථානයේ පැවති විශේෂඥ අක්ෂි පරීක්ෂාවේ දී තෝරා ගන්නා ලද රෝගීන් 200 දෙනෙකු හට උපැස් යුවල් පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදු විය.