ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු අත්අඩංගුවට
 
 

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිස තලෙයිමන්නාරම වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා තලෙයිමන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.