වැදගත් සිදුවීම්

ගාල්ල මකුළුව විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය නාවික හමුදාධිපතිතුමන් විසින් සඝසතු කෙරේ
 

ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, ආචාර්ය ගරු කෙරදේවෙල පුඤ්ඤරතන නායක හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී චන්දරතනාභිධාන අනුස්මරණ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය අද (14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සඝසතු කරන ලදී.

14 Feb 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් දාහත්දෙනෙකු අත්අඩංගුවට
 

කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) උච්චමුනිය සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් දාහත් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

14 Feb 2016