ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී රොබට් රෝස් මහතා ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කතා බහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.