12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 57ක් දිනා ගනී
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 57ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවෝ සමත් වූහ.එහිදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 29ක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 93 දෙනෙකු ටෙනිස් (1), මලල ක්‍රීඩා (9), පාපන්දු (8), පාපැදි (2), කබඩි (6), දුනු විදීම (1), තුන් ප්‍රයාම (2), පිහිනුම් (3), අත් පන්දු (11), ටයිකොන්ඩෝ (2), වූෂු (7), ජූඩෝ (2), මල්ලවපොර (5), වෙඩි තැබීම (10), බොක්සිං (1), බර ඉසිලීම (4), වොලිබෝල් (5), හොකී (9) පැසිපන්දු (3) සහ කෝ කෝ (2) යන ක්‍රීඩාවන් යටතේ තරඟ වැදීමෙන් මෙම ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනාගත් ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ විස්තර පහත පරිදි වේ.

රන් පදක්කම් ලාභීන්

කා/නානැවි එන්පීඩී ප්‍රියදර්ශනී මලල ක්‍රීඩා (මීටර් 100 x 4 සහාය දිවීම) - කාන්තා
සානැවි කේපීඑස්බී ද සිල්වා පිහිනුම් (මීටර් 100 සහාය පිහිනුම් - නිදහස් ආර) - පිරිමි
සානැවි පීඅයිඑච් ලක්ෂාන් වූෂූ (නන්කුආන් ඉසව්ව) - පිරිමි

රිදී පදක්කම් ලාභීන්

සානැවි කේකේකේ සෙනෙවිරත්න මලල ක්‍රීඩා (මීටර් 400 x 4 සහාය දිවීම) - පිරිමි
සාකානැවි ජීටීඒ අබේරත්න මලල ක්‍රීඩා (මීටර් 800 සහ මීටර් 1500) - කාන්තා
සානැවි කේපීඑස්බී ද සිල්වා පිහිනුම් (මීටර් 200 සහාය පිහිනුම්) - පිරිමි
සාකානැවි ආර්කේ රන්කොත්ගේ පිහිනුම් (මීටර් 200 සමනල ආර) - කාන්තා
බලනැවි පීඑන් බලවර්ධන වූෂූ (කි.ග්‍රෑ. 60 බර පංතිය) - පිරිමි
බල ‍සෙබළ එච්ඩීපී කුමාර ඉලක්කයට වෙඩි තැබීම [(3 x 40 රයිෆල් (කණ්ඩායම්)] - පිරිමි
බලනැවි ඩබ්කේවයි ක්‍රිශාන්ත ඉලක්කයට වෙඩි තැබීම [(3 x 40 රයිෆල් (කණ්ඩායම්)] - පිරිමි
කාන්තා බල නැවි කේකේජී පෙරේරා ඉලක්කයට වෙඩි තැබීම [(මීටර් 10 වායු රයිෆල් (කණ්ඩායම්)] සහ (20 x 3 රයිෆල් (කණ්ඩායම්)] - කාන්තා
කාන්තා බල නැවි ඩබ්එම්එස්වයි පෙරේරා ඉලක්කයට වෙඩි තැබීම [(මීටර් 10 වායු රයිෆල් (කණ්ඩායම්)] සහ (20 x 3 රයිෆල් (කණ්ඩායම්)] - කාන්තා
බලනැවි ඩීඑම්අයිසී දිසානායක බර ඉසිලීම (කි.ග්‍රෑ. 69 බර පංතිය) - පිරිමි
සානැවි වීසීජී විදානගේ බර ඉසිලීම (කි.ග්‍රෑ. 77 බර පංතිය) - පිරිමි
සාකානැවි ඩබ්සීඑම් වර්ණකුලසූරිය බර ඉසිලීම (කි.ග්‍රෑ. 53 බර පංතිය) - කාන්තා
සානැවි ජේඒසී මධුශංක වොලිබෝල් - පිරිමි
සානැවි එච්ඩීආර් රණවක වොලිබෝල් - පිරිමි
සාකානැවි එච්එච්ඒඩී සංජීවනී වොලිබෝල් - කාන්තා
බකානැවි ඊඊජේ කීර්තිරත්න හොකී - කාන්තා
බකානැවි පීජීපී නිල්මිණි හොකී - කාන්තා
බකානැවි ඩබ්එම්සීඩී විජේසූරිය හොකී - කාන්තා
බකානැවි ආර්ජීඑන්වී ධර්මරත්න  හොකී - කාන්තා
බකානැවි ඒඑච්එම්පීකේකේ අබේරත්න  හොකී - කාන්තා
බකානැවි බීඑන්එම් ජයනෙත්ති හොකී - කාන්තා
බකානැවි ජීජීජී දමයන්ති හොකී - කාන්තා

ලෝකඩ පදක්කම් ලාභීන්

සානැවි කේජීයූපී ජයවර්ධන මලල ක්‍රීඩා - පිරිමි
සාකානැවි එස්ඒ ළමාහේවගේ මලල ක්‍රීඩා (මීටර් 10000) - කාන්තා
නානැවි ජීජේඑච් කුමාර පාපැදි (කාල ගණක ඉසව්ව සහ කණ්ඩායම් ඉසව්ව) - පිරිමි
බලනැවි එච්ආර්සී හපුතන්ත්‍රී කබඩි - පිරිමි
සානැවි කේ සිනෝදරන් කබඩි - පිරිමි
සානැවි ඩීඑච් සඳරුවන් කබඩි - පිරිමි
සාකානැවි ඩබ්පීටීඑම් විජේතිලක කබඩි - කාන්තා
සාකානැවි ආර්පීඑම් චතුරිකා කබඩි - කාන්තා
සාකානැවි ඩබ්එම්එම්එන් විජේකෝන් කබඩි - කාන්තා
බශාඅ ජේඑම්එස්එන් කුමාර තුන්ප්‍රයාම (තුන්ප්‍රයාම සහ සහාය දිවීම) - පිරිමි
සානැවි එල් විජේසිරි තුන්ප්‍රයාම (සහාය දිවීම) - පිරිමි
සානැවි කේඒටීඩී රණතුංග ටයිකොන්ඩෝ (කි.ග්‍රෑ. 57ට අඩු) - පිරිමි
බල සෙබළ එච්කේඑල් පුෂ්පකුමාර වූෂූ (කි.ග්‍රෑ. 56 බර පංතිය) - පිරිමි
බශාඅ එස්ජීආර් රුමේෂ් වූෂූ (කි.ග්‍රෑ. 75 බර පංතිය) - පිරිමි
සාකානැවි ඩබ්ජීඑල්ඩී ජයවර්ධන ජූඩෝ (කි.ග්‍රෑ. 78ට වැඩි) - කාන්තා
නානැවි ඩීපී රත්නායක මල්ලවපොර (කි.ග්‍රෑ. 74 බර පංතිය) - පිරිමි
බනැවි සීඩී අසංග මල්ලවපොර (කි.ග්‍රෑ. 57 බර පංතිය) - පිරිමි
බනැවි ඩබ්සීඑම් පෙරේරා මල්ල‍වපොර (කි.ග්‍රෑ. 65 බර පංතිය) - පිරිමි
නානැවි (විනයාරක්ෂක) ඩබ්එම්කේ කුමාර ඉලක්කයට වෙඩි තැබීම (ක්ෂණික වෙඩි තැබීම් - කණ්ඩායම්) - පිරිමි
කානානැවි කේජීඒකේ කාරියවසම් ඉලක්කයට වෙඩි තැබීම (වායු රයිෆල් - කණ්ඩායම්) - කාන්තා
බනැවි ඩබ්කේවයි ක්‍රිශාන්ත ඉලක්කයට වෙඩි තැබීම [(මීටර් 50 රයිෆල් (බිම දිගාවී) - කණ්ඩායම්)] සහ (මීටර් 10 වායු රයිෆල් - කණ්ඩායම්) - පිරිමි
කාන්තා සංඥා එම්ජේටීයූ එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබීම [(මීටර් 50 රයිෆල් (බිම දිගාවී) - කණ්ඩායම්)] - කාන්තා
ප්‍රස ඩීඑම්එස්එම් දිසානායක ඉලක්කයට වෙඩි තැබීම (මීටර් 10 වායු පිස්තෝල - කණ්ඩායම්) - පිරිමි
බකානැවි ඩබ්එම්එස්වයි පෙරේරා ඉලක්කයට වෙඩි තැබීම [(මීටර් 50 රයිෆල් (බිම දිගාවී) - කණ්ඩායම්)] - කාන්තා
ඉකා ආර්ජීඑස් කුමාරසිංහ බොක්සිං [(කි.ග්‍රෑ. 69 (වෙල්ටර්)] - පිරිමි
සාකානැවි ඩීසී ප්‍රියන්ත බර ඉසිලීම (කි.ග්‍රෑ. 69 බර පංතිය) - කාන්තා