නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගනිති

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (22) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් පුද්ගලයන් පුවක්පිටිය, මාවනැල්ල, නුගේගොඩ සහ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25, 26, 28 සහ 30 යන වය‍සේ පසුවන පුද්ගලයන් වේ.