ඉන්දියානු නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීම් පරිපාලන නිලධාරී නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුධ නෞකා නිෂ්පාදන හා අත්පත්කර ගැනීමේ පරිපාලන නිලධාරී වයිස් අද්මිරාල් ජී.එස්. පබ්බි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.