නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 12 දෙනෙකු ඊයේ (23) ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මුද්දාල් අම්පිඩ්ඩි සහ පඩත්තුරේ අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවද සමග අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් කුච්චවේලී පොලීසිය සමග සම්බන්ධීකරණය වී ගෝපාල්පුරම් ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර ක‍ටයුතු සිදු කරන ලද ධීවරයින් දෙදෙනෙකු අත්ඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ඇත.

එදිනම, ගිණිකොන නාවික විධානයට අනුයුක්ත P 439 වේග ප්‍රහාරක මුර යාත්‍රාවේ රාජකාරී නියුතු නාවික පුද්ගලයන් විසින් තිරුක්කෝවිල් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කරන ලද ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ නීතිමය කටයුතු සඳහා ඔලුවිල් වෙරළාරක්ෂක ස්ථානය මගින් සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.