ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍යතුමා හට නාවික හමුදාවේ ප්‍රභූ උත්තමාචාර
 
 

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය අතිගරු ජෝන් කී මහතා හට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (24) නාවික හමුදාව විසින් නිලධාරීන් 3 දෙනෙකුගෙන් සහ නාවිකයන් 79 දෙනෙකුගෙන් සැදුම්ලත් සම්මාන මුරයකින් උත්තමාචාරයක් පිරිනමන ලදී.

නවසීලන්ත රාජ්‍ය ප්‍රධානී පිළිගැනීමට පැමිණ සිටි ප්‍රභූන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද විය.