12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
 
 

පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත්කර දුන් නාවික හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් කෙරිණි. එම උත්සවයේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ලබා ගත් නාවික හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 57 දෙනෙකු සඳහා චෙක්පත් සහ තිළිණ ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 29ක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී ඇත. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාව සදහා සහභාගී විය.