34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර දැක්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි.
31 Mar 2016
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු, කිලෝග්‍රෑම් 40ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
31 Mar 2016
නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් දිවයිනේ බටහිර, දකුණු හා නැගෙනහිර මුහුදු තීරය පසුකර කිලෝමීටර් 1010ක දුර ප්‍රමාණයක් යාත්‍රා කොට ඇත.
30 Mar 2016
ශ්‍රී ලංකා නාවික හමුදාව "බ්ලූ රිජ්" නෞකාවේ නැව් මුළුව අතර සුහද ක්‍රීඩා තරඟාවලි කීපයක් පවත්වයි
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (27) අන්තෝනිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 33 දෙනෙකු මුහුදු කූඩැල්ලන් 1500 ක පමණ ප්‍රමාණයක්, කුඩා ඔරු 3 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.
28 Mar 2016
නාවික හමුදාව වෙනුවෙන් ඉදිවන නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නියෝජිතයින් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ නිරීක්ෂණ චාරිකාවක

ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත "2016 ආරක්ෂක ප්‍රදර්ශණයට" (Defence Expo 2016) සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ ඉදිවන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන් හි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා මාර්තු මස 27 වන දින චාරිකාවක නිරත විය.
28 Mar 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කිලිනොච්චිය, කිරංචි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිලෝග්‍රෑම් 30ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සහ කුඩා ඔරුවක් ද සමග උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (25) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
26 Mar 2016