උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට
 

කරෙයිනගර් කෝවිලන් තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (2) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ධීවර යාත්‍රා ඉදිරි කටයුතු සඳහා කන්කසන්තුරය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.