“ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

තෙදින නිල සංචාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් “ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී, කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්ග්ස් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නෞකා බළඝණ අණදෙන නිලධාරී හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

“ඒප්‍රන්” නෞකාව මාර්තු මස 5 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.