වැදගත් සිදුවීම්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තෙවන අදියර වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී අද (4) සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන්ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම සිදුවිය.

04 Mar 2016

ලාංකික ධීවරයින් තිදෙනෙක් සහ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

මන්නාරම, සිලාවතුර “ථේරපුත්ත” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් පසුගිය අඟහරුවාදා (2) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

04 Mar 2016

පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී.

04 Mar 2016