ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (5) අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්දීය ධීවරයින් නව දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් තලෙයිමන්නාරමට උතුරු ප්‍රදේශයේදීත්, අනෙකුත් ධීවරයින් 20 දෙනා සමග කුඩා බෝට්ටු 3ක් කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදීත් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා ඉදිරි කටයුතු සඳහා තලෙයිමන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත සහ කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.