දියේ ගිලී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවෝ සොයා ගනිති
 

අම්පාර, කොට්ටුකල්ලි මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පිරිමි සහ කාන්තා පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ (5) උදෑසන සමත් විය. එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින් දෙදෙනා පසුගිය සිකුරාදා (4) දහවල් දියේ ගීලි අතුරුදහන්ව ඇති අතර, ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට සහාය ලබාදෙන මෙන් පොතුවිල් පොලිසිය කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා නාවික හමුදාව සහාය විය. ඉදිරි විමර්ශණ කටයුතු සඳහා එම සිරුරු පොතුවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.