රුපියල් ලක්ෂ 345 ක වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 6.94ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් ප්‍රදේශයේදී අද (6) නාවික හමුදා අත්අඩංගුවට පත් විය. ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම රත්‍රන් තොගය නාවික හමුදාව සිදුකළ ක්ෂණික පරීක්ෂාවක දී සොයා ගැනීමට හැකි වූ අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 345ක් පමණ වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්‍රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.