වැදගත් සිදුවීම්

රුපියල් ලක්ෂ 345 ක වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 6.94ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් ප්‍රදේශයේදී අද (6) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

06 Mar 2016

දියේ ගිලී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවෝ සොයා ගනිති
 

අම්පාර, කොට්ටුකල්ලි මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පිරිමි සහ කාන්තා පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ (5) උදෑසන සමත් විය.

06 Mar 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (5) අත්අඩංගුවට ගන්නා ලදී.

06 Mar 2016