නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

පල්ලෙකුඩා මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකු කිලෝග්‍රෑම් 220 ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිලි‍නොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි පල්ලෙකුඩා ධීවර සමිතියට යොමු කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති අතර, මුහුදු කූඩැල්ලන් තොගය කිලි‍නොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.