වැදගත් සිදුවීම්

ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා ශිල්පීය අංශයේ 11 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා සාගරික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අද (11) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

11 Mar 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (10) නාවික හමුදාව සමත්විය.

11 Mar 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

පල්ලෙකුඩා මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකු කිලෝග්‍රෑම් 220 ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

11 Mar 2016

කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 621 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට
 

ඉන්දියාවේ සිට කුඩා යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කර කිරිමුන්දලම් ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 621 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ නාවික පුද්ගලයන් පිරිසක් විසින් පසුගිය 9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

11 Mar 2016