ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා ශිල්පීය අංශයේ 11 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 42 දෙදෙනෙකු සඳහා සාගරික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අද (11) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා සහභාගී විය.

නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ නාවිකයන්ගේ දෙමාපියන් එම අවස්ථාව සඳහා සහභාගී විය.