නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) සංගමන්කන්ද සහ තිරුක්කෝවිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 2 ක්, G.P.S යන්ත්‍රයක්, කිමිදීම සඳහා යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් 10 ක්, හක්බෙල්ලන් 26ක් සහ මුහුදු කූඩැල්ලන් 5ක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ඔලුවිල් සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.