පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන) සමග සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම දකුණු වෙරළ තීරයේ දී ඊයේ උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව හා ජෙලග්නයිට් කූරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද එදිනම දහවල්, ලංකාපටුන මුහුදු තීරයේ දී පුද්ගලයකු සමගින් ඩිංගි යාත්‍රාවක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු සේරුනුවර පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.