නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන කුච්චවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු, ධීවර කටුයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, සුරුක්කු දැලක් හා කිමිඳුම් කටයුතු සඳහා භාවිතා කරන පාවරල් යුගලක්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.