වැදගත් සිදුවීම්

මන්නාරම මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, මන්නාරම, සිලාවතුර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 51.5ක් අද (24) උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “යූඩාචි” හා “යූගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.

24 Mar 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන කුච්චවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 6 දෙනෙකු, ධීවර කටුයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, සුරුක්කු දැලක් හා කිමිඳුම් කටයුතු සඳහා භාවිතා කරන පාවරල් යුගලක්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්‍ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී.

24 Mar 2016