වැදගත් සිදුවීම්

නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව දෙමහල් ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ආරාධනයකට අනුව ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (3) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

03 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) නෝර්වේ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රාවක්, නීති විරෝධී දැලක් සහ පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී

03 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රා 3 ක්, ඔක්සිජන් ටැංකි 5 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

03 Apr 2016

නාවික හමුදාධිපතිතුමන් නාගදීප විහාරයේ වළාකුළු බැම්ම නිරාවරණය කරයි
 

නාගදීප පුරාණ විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එවකට නාගදීප විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පරම පූජනීය බ්‍රාහ්මනවත්තේ දම්මකිත්ති මහා නාහිමිපානන්ගේ 13 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ගුණානුස්මරන පිංකම් මා‍ලාවක් එම විහාරස්ථානයේදී පැවැත්විණි.

03 Apr 2016

අබිං කිලෝග්‍රෑම් 15 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් පසුගිය (1) දින සිලාවතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අබිං කිලෝග්‍රෑම් 15.4 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

03 Apr 2016

නාවික හමුදා සාගරික කයක් ගවේශණ කණ්ඩායම ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරයි
 

නාවික හමුදාවේ කයක් ගවේශණ කණ්ඩායම 2016 පෙබරවාරි මස 19 වන දින යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර් දූපතේ දී කිලෝමීටර් 1251 ක දුරක දිවයින වටා යාත්‍රා කිරීම ආරම්භ කරන ලද අතර, බස්නාහිර, දකුණ, නැගෙනහිර හා උතුරු මුහුදු තීරයන් ඔස්සේ අති දුෂ්කර හා වෙහෙසකර යාත්‍රා කිරීමකින් පසු ඊයේ (2) කරෙයිනගර් වෙරල තීරයේදී සිය මුහුදු ගවේශණය ඉතා සාර්ථකව නිම කරන ලදී.

03 Apr 2016