නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) නෝර්වේ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ගත් යාත්‍රාවක්, නීති විරෝධී දැලක් සහ පාවරල් යුගලක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර‍දෙන ලදී.