වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ඇතුළු නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා, මිනිස් ජාවාරම් පිළිබද සොයාබැලීමේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෘ ගොලෙඩ්සිනොස්කි මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් සඳහා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ විලියම් බො‍ට්රෙල් මහතා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු නියෝජිතයන් පිරිසක් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

05 Apr 2016

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී (4) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) සවුත්බාර් තුඩුව මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

05 Apr 2016