වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි
![](../assets/images/news/event_news/front_img/201604071930.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී.
07 Apr 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201604071130.jpg)
කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.
07 Apr 2016
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201604070915.jpg)
අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (7) අත්අඩංගුවට ගන්නා ලදී.
07 Apr 2016