නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.