වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී.

07 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

07 Apr 2016

උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට
 

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (7) අත්අඩංගුවට ගන්නා ලදී.

07 Apr 2016