නාවික හමුදාධිපතිතුමා සහ පොලිස්පතිතුමා අතර සුහද හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී
 

විශ්‍රාම යාමට නියමිත පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති  වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එතුමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. වසර 5ක පමණ කාලයක් පොලිස්පතිවරයා වශයෙන් සිදුකළ ආදර්ශමත් සේවය එහිදී නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

තවද, මේ දක්වා නාවික හමුදාවට ලබා දුන් සහයෝගය පිළිබදව සිය ස්තුතිය පොලිස්පතිතුමා වෙත පුදකළ නාවික හමුදාධිපතිතුමන් අප්‍රේල් මස 11 වන දිනෙන් ආරම්භ වන විශ්‍රාමික දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක නීරෝගී වේවායි නාවික හමුදාවේ සියළු දෙනා වෙනුවෙන් එහිදී සුභපැතුම් එක් කරන ලදී. නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද පොලිස්පති ඉලංගකෝන් මහතාහට සුභපැතීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.