වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා‍ බක්මහ උළෙල - 2016 වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු බක්මහ අසිරිය 2016, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ඊයේ (10) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

11 Apr 2016

ජපාන නාවික හමුදා නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් ද්විත්වය දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා අද (11) කොළඹ වරායට සේන්දු විය.

11 Apr 2016

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo MNEK 2016) නාවික අභ්‍යාසයට සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා අප්‍රේල් මස 5 වන දින කොළඹ වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව යන ලදී.

11 Apr 2016