නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උරුමානෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී තංගුස් දැල් 2ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.