වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමා “සුසුනාමි” ජපන් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (12) දින ජපන් සාගරික ආරක්ෂක බළඝණයේ නෞකාවක් වන “සුසුනාමි” නෞකාවේ සංචාරයක නිරත විය

12 Apr 2016

නාවික හමුදාව ලේ දන්දීමේ ක‍ඳවුරු දෙකක් පවත්වයි
 
 

ශ්‍රද්ධා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙහි ගරු අනුශාසක, පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ කදවුරු දෙකක් බටහිර නාවික විධානයේ දී සහ නැගෙනහිර නාවික විධානයේ දී පවත්වන ලදී.

12 Apr 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නච්චිකුඩා, ශ්‍රීලංනානෞ බුවනෙක අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උරුමානෙයි ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී තංගුස් දැල් 2ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

12 Apr 2016