නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගනිති

නිලාවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය. බේරා ගත් පුද්ගලයන් උලපනේ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අවුරුදු 16 සහ 18 යන වය‍සේ පසුවන පුද්ගලයන් වේ.